Tuesday, November 9, 2010

තාරුණ්‍යයේදී අතිවන හැඟීම් නව තාක්ෂණය ඉදිරියට ගෙනයාමට භවිත කරමු.

                                        තාරුණ්‍යයේදී ඇතිවෙන හැඟීම් දැනීම් බොහොමයෙකි.නොපසුබටිනා උත්සාහය,ආවේගය,නව සංකල්ප සිතීම, නව දේවල් අත්හදා බලීමට ඇති ආශාව එව අතරින් සමහරකි.මේ හැඟීම් අතරින් අයහපත් දේ බහැරකර යහපත් හැඟීම් අපතුළ ඇති කරගත යුතුය.
                                       නව සංකල්ප සිතීම, නව දේවල් අත්හදා බලීමට ඇති ආශාව තාක්ෂණය ඉදිරියට ගෙනයාමට උදව් වන හැඟීම්ය.අභවකාශ‍යේ ජනාවාස,virtual  පරිඝනක ආදිය බිහිවන්නේ එවැනි සන්කල්ප මගිනි.එවනි නව සන්කල්ප සිතීමට නිරවුල් මනසක් තිබිය යුතුය.නව සොයගැනීම් බිහිවන්නේ මෙසේය.මුලින්ම බිහිවන්නේ නව සන්කල්පයයි.ඒ අනුව ගන්නා නිවැරදි තීරණ මගින් නව පරීක්ෂණ සිදුකරයි.එම නව පරීක්ෂණ නව සොයාගනීම් බවට පත්වේ.තාරුණ්‍යයේදී අතිවන හැඟීම් එලෙස තාක්ෂණය ඉදිරියට ගෙනයාමට භවිතා කළ හැක.

ලිව්වේ Nilupa Peduruarachchige
E-Mail  Nilupaarachchige@gmail.com

Thursday, November 4, 2010

තරුණ ජවය නව තාක්ෂණය ඉදිරියට ගෙනයාමට භාවිත කරමු.

                                                          අතීතයෙදී මිනිසා ජීවත් වූයේ ගල්ගුහා වලය.නමුත් මිනිසාගේ තිබූ නව දේවල් සොය ගනිමේ අධික ආශාව නිසා මිනිසා දියුණුවිය.ඔහු ඉන්පසු තමාමනිවස ඉදිකරගැනීමට හැකිවන පරිදි සන්වර්ධනය විය.
                                                          තාරුණ්‍යය යනු ජීවිතයේ සුන්දරම කාලයයි.මිනිසාගේ උපරිම ශක්තිය අඩංගු වන්නේද තරුණ්‍යය තුළයි. එමනිසා මෙම තරුණ කාලය වටින දෙයකට යොමුකල යුතුය.
                                                          තාක්ෂණය යනු දෙනෙන් දින දියුණු වන දෙයකි.අතීතයෙදී කෘෂිකර්මාන්තය හා වාරිකර්මාන්තයේ සිට අදෙ රොබෝ තාක්ෂණය දක්වා තාක්ෂණය දියුණු වී ඈත.
තාක්ෂණය හා තරුණ්‍යය එක් වූ විට එය කෙතරම් ප්‍රභල වේදෙ? තාක්ෂණයට දියුණු වීමේ අවසානයක් නොමැත එය දිනෙන් දින දියුණු වේ.මේ අතරින් පරිඝනක හා තොරතුරු තාක්ෂණය ඉතාමත් සිඝ්‍රයෙන් දියුණු වී ඇත.එමනිසා අප කල යුත්තේ අපගේ තරුණ ශක්තිය මෙම තාක්ෂණයේ නවමංපෙත් කර යෙදවීමයි.නව සොයැගනීම් සිදුකිරීම තුළින් මෙය ඉදිරියට ගෙනයාහැක.අනුන්ගේ දේවල් වලට ඇගිල්ල දිගුකරන්නේ නැතුව එම කාලය නව සොයගනීම් සදහා යෙදෙවීමෙන් තාක්ෂණය  ඉදිරියට ගෙනයා හැක. ශ්‍රී ලංකාව තුළ නව තාක්ෂණය පිළිබද පරීක්ෂණ කිරීමට ඉඩ ප්‍රස්තාව අඩු වුවත් එවනි පරීක්ෂණ සිඩුකරන බොහොමයක් පිරිසක් ශ්‍රී ලංකාවේ සිටිති.එමනිසා තමුන්ට ඇති පහසුකම් වලින් නව පරීක්ෂණ සිදුකරමින් මෙම තාක්ෂණය ඉදිරියට ගෙනයා යුතුය.
                                                        අප කළ යුත්තේ තරුණයන් වශයෙන් නව පරීක්ෂණ  කරමින් පවතින ගැටළු වලට විසදුම් සොයමින් අනාගතය තාක්ෂණයෙන් පිරවීමට කටයුතු කිරීමයි.

ලිව්වේ    Nilupa Peduruarachchige
E mail   nilupaarachchige@gmail.com